• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (CRIP) යටතේ "මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණියේ සහ මඩකලපුවෙහි ගංවතුර අවදානම අවම කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන සහ සවිස්තර ඉංජිනේ‍රු සැලසුම් සඳහා උපදේශන සේවාව"
- දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (CRIP) යටතේ මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණියේ ගංවතුර අවදානම අවම කිරීම පිණිස ශක්‍යතා අධ්‍යයන සහ සවිස්තර ඉංජිනේ‍රු සැලසුම් සඳහා උපදේශන සේවාවට අදාළ වන කොන්ත්‍රාත්තුවෙහි පළමු අදියර වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා Egis Eau & SCP & Green Tech JV සමඟ ගිවිසුමකට එළඹීමටත්, එම අදියර අවසන් වීමෙන් පසු එකී ආයතනය සමඟම අදාළ කොන්ත්‍රාත්තුවේ දෙවැනි අදියර යටතේ වූ සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් සකස් කිරීමේ උපදේශන කොන්ත්‍රාත්තුව සඳහා ද ගිවිසුම්ගත වීමටත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.