• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 03 01 සිට 2020 10 31 දක්වා මාස අටක කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 2,240,000ක් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
- 2020 03 01 සිට 2020 10 31 දක්වා මාස අටක කාලයක් සඳහා ඇස්තමේන්තුගත ඩීසල් (උපරිම සල්ෆර් ප්‍රතිශතය 0.05) බැරල් 2,240,000 ක් දිගුකාලීන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.