• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා නඩත්තු සහ හදිසි ප්‍රතිචාර නැවක් (MERV) කුලියට ගැනීම
- ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවයෙන් 70%ක් සපයනු ලබන්නේ ආනයනික පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මඟින් වන අතර මේ සඳහා කොළඹ වරායට පිටතින් හා කොළඹ වරාය තුළ ඉන්ධන බෙදා හැරීමේ ස්ථාන 03ක් පිහිටා ඇත. මේ අතරින් කොළඹ වරායට කිලෝමීටර 9.2ක දුරින් පිහිටා ඇති ඒක ස්ථානීය පාවෙන බෝයා පද්ධතිවල මෙහෙයුම් ක්‍රියාකාරිත්වය හා නඩත්තු කටයුතු සිදු කරනු ලබන්නේ විශේෂයෙන් නිර්මාණය කරන ලද නඩත්තු සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාත්‍රාවක් (MERV) භාවිතා කරමිනි. ඒ අනුව, එවැනි යාත්‍රාවක් කුලී පදනම මත ලබාගෙන අදාළ සේවාවන් ඉටු කර ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.