• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා
- දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබී ඇති ණය අරමුදල්වලින් කොටසක් ව්‍යාපෘතියේ උපදේශක සේවාවන් සැපයීම වෙනුවෙන් යෙදවීමට නියමිත ය. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව මත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව Egis Rail සහ Egis International සහ Greentech Consultants (Pvt) Ltd. බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.