• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරාය සඳහා පූර්ණ අනුකලන ආරක්ෂක කැමරා පද්ධතියක් (CCTV Camera) ක්‍රියාත්මක කිරීම
- වරාය පරිශ්‍රයට ඇතුළු වන සියලුම ප්‍රවේශ, ගුදම්, පර්යන්ත විවෘත ගබඩා ප්‍රදේශ, මාර්ග, මායිම් වැටවල් සහ වරාය දියකඩන ප්‍රවේශ ආවරණය වන පරිදි එම ස්ථානවල සිදුවන සියලුම ක්‍රියාකාරකම් නිරීක්ෂණය වීම, අධීක්ෂණය වීම හා පටිගත වීම සිදු කිරීමට ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එමඟින් කොළඹ වරායේ ආරක්ෂාව වඩාත් තහවුරු විම, ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළ යාම සහ කොළඹ වරායේ වාණිජමය කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය වීම සිදු වේ. ඒ අනුව, එම කාර්යය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.