• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එපොයිටින් පෙර පුරවා ඇති එන්නත් 4,000 අයියූ - 5,000 අයියූ සිරින්ජර් 950,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
- වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිතා කරනු ලබන එපොයිටින් පෙර පුරවා ඇති එන්නත් 4,000 අයියූ - 5,000 අයියූ සිරින්ජර් 950,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවෙහි M/s Reliance Life Science වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.39ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.