• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චි හි පිහිටි ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනයේ (SLGTI) ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- කිලිනොච්චි හි පිහිටි ශ්‍රී ලංකා ජර්මානු කාර්මික පුහුණු ආයතනයේ (SLGTI) ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 185.61ක මුදලකට (එකතු කළ අගය මත බදු, රජයේ බදු රෙගුලාසි හා අනුමත ප්‍රතිශත අනුව ගෙවීමට යටත්ව) 450/4, ලක්විල්, පුත්තලම් පාර, යන්තම්පලාව, කුරුණෑගල ලිපිනයෙහි පිහිටි එම්/එස් වහීඩ් කන්ස්ට්‍රක්ෂන් (පුද්ගලික) සමාගම (M/s Wahid Construction (Pvt) Ltd.) වෙත පිරිනැමීම පිණිස නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.