• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ලංකා පිඟන් සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමේ ‍ව්‍යාපෘතිය
- රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි සඳහන් රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමේ ප්‍රතිපත්තිය අනුව කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පිඟන් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරමින් ඒ යටතේ ඇති අක්‍රීය තත්ත්වයේ පවතින සියලුම කම්හල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත. එහි මූලික පියවර වශයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්හි පිහිටි උළු හා ගඩොල් නිෂ්පාදන කම්හලේ නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එමඟින් මාසයකදී උළු සහ ගඩොල් ලක්ෂ 04ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ය. ඒ අනුව, එකී කම්හල් ගොඩනැඟිල්ලේ හා යන්ත්‍රෝපකරණවල සම්පූර්ණ අයිතිය ලංකා පිඟන් සංස්ථාව වෙත රඳවාගනිමින් උළු හා ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය ඩීඑස්අයි සමාගමේ උප සමාගමක් වන සැම්සන් රජරට ටයිල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.