• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ පළතුරු ආශ්‍රිත නිෂ්පාදන සැපයුම් කර්මාන්තශාලාවක් පිහිටුවීම
- කිරි ආශ්‍රිත බීම වර්ග සහ බේකරි නිෂ්පාදකයන්ට අවශ්‍ය පරිදි සකස් කළ පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන ලොව විශාලතම ඩෙන්මාර්ක් සැපයුම්කරුවකු වන ORANA ආයතනය විසින් පළතුරු ආශ්‍රිත සැපයුම් කර්මාන්තශාලාවක් ස්ථාපිත කිරීම සඳහා පන්නල පිහිටි කාර්මික ජනපදයෙන් අක්කර 02ක පමණ ඉඩම් කොටසක් ලබාගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත. යෝජිත ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් ආයෝජනය කිරීමට අදාළ ආයෝජකයා විසින් සැලසුම් කර ඇති අතර, එම අදියර යටතේ රැකියා අවස්ථා 30ක් පමණ අලුතින් බිහිවනු ඇත. ඒ අනුව, ORANA ආයතනය සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය අතර ගිවිසුමකට එළඹීමට යටත්ව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පන්නල කාර්මික ජනපදයෙන් ඉඩම් කොටසක් ලබා දීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.