• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කන්කසන්තුර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- කන්කසන්තුර වරාය සංවර්ධනය කිරීම සඳහා වරායට යාබද අක්කර 50ක පමණ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත පවරා ගැනීමට සැලසුම් කර ඇත. ඒ අනුව, වරායට යාබද අක්කර 15ක රජයට අයත් ඉඩම් කොටසක් රුපියල් මිලියන 52ක් ගෙවීමට යටත්ව පවරා ගැනීමටත්, පෞද්ගලික හිමිකාරිත්වයට යටත් තවත් අක්කර 35ක ඉඩම් ප්‍රමාණයක් වන්දි ගෙවා ඉඩම් අත්පත් කරගැනීමේ පනතේ විධිවිධානවලට යටත්ව පවරා ගැනීමටත් වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.