• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලෝ මීටර් 100,000 කින් සමන්විත විකල්ප මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩසටහන
- ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගයන් වෙත ඉහළ මට්ටමේ ප්‍රවේශයක් සඳහා පහසුකම් සැලසීමට කිලෝ මීටර් 100,000ක විකල්ප මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීම පිණිස 2019-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, පසුගිය වසර 10 තුළ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු කර නොමැති වීම සහ හඳුනාගනු ලබන මාර්ගය ප්‍රයෝජනයට ගනු ලබන පවුල් සංඛ්‍යාව, මාර්ගය භාවිත කරමින් අධ්‍යාපන, වෛද්‍ය, වෙළඳපොළ වැනි පහසුකම් සඳහා ප්‍රවේශ වීමට ඇති හැකියාව වැනි කරුණු පදනම් කරගෙන සකස් කරනු ලබන නිර්ණායකයන් යොදා ගනිමින් සංවර්ධනය කළ යුතු මාර්ග හඳුනාගනු ඇත. ඒ අනුව, පළාත් සභාවල සහභාගිත්වය ද ඇතිව යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිසත්, විදේශ අරමුදල් යටතේ මාර්ග සංවර්ධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන්වල හඳුනාගනු ලබන ඇතැම් සංරචකයන් ද යෝජිත වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීම පිණිසත් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.