• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතියෙහි (CRIP) ඉතිරි අරමුදල් භාවිත කරමින් හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- 2014 වර්ෂයේ ලෝක බැංකු මූල්‍ය ආධාර යටතේ ආරම්භ කළ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය 2020 06 30 දින අවසන් වීමට නියමිතය. ව්‍යාපෘතියේ මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 152කි. මෙම ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම්වලට අනුව ළඟා කර ගත යුතු ඉලක්ක මේ වන විට ළඟා කර ගනිමින් පවතී. ව්‍යාපෘතියේ හඳුනාගත් සංරචකයන්හි වැඩ අවසන් වීමෙන් අනතුරුව රුපියල් මිලියන 2,500ක පමණ ප්‍රතිපාදන ඉතිරියක් පවතින බව හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, එම ඉතිරි ප්‍රතිපාදන යොදා ගනිමින් ව්‍යාපෘතිය සැලසුම් කරන අවස්ථාවේදී හඳුනා නොගත් අත්‍යවශ්‍ය ඉදිකිරීම් සඳහා මුදල් වෙන් කිරීමටත්, තවදුරටත් ඉතිරි ප්‍රතිපාදන ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහනෙහි හඳුනාගත් කාර්යයන්හි ආරම්භක සැලසුම් සකස් කිරීම සඳහා යොදා ගැනීමටත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.