• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 205, 206 වැනි නිර්දේශ හා 190 වැනි සම්මුතිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
- ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 හා 106 වැනි සැසිවාරයේදී සම්මත කරගත් පහත දක්වා ඇති නිර්දේශ හා සම්මුතිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2019 වර්ෂයේ දී පවත්වන ලද ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වැනි සැසිවාරයේදී:
සම්මුතිය 190 - වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනයන් තුරන් කිරීම සම්බන්ධයෙන් වූ සම්මුතිය
නිර්දේශය 206 - වැඩ ලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනයන් තුරන් කිරීම සම්බන්ධයෙන් වූ නිර්දේශය
2017 වර්ෂයේදී පවත්වන ලද ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 106 වැනි සැසිවාරයේදී:
නිර්දේශය 205 - සාමය සහ ප්‍රත්‍යාස්ථිතිය සඳහා සේවා නියුක්තිය සුනිසි රැකියා සම්බන්ධයෙන් වූ නිර්දේශය