• Increase font size
  • Default font size
  • Decrease font size

2020-02-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය
- උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජගල තැන්නේ අක්කර 1,025 ක පමණ භූමි ප්‍රමාණයක විසිරී තිබෙන 'අරියාකර' විහාර සංකීර්ණයේ පුරාවිද්‍යා වැදගත්කමක් ඇති ස්ථාන 593 ක් ඇති බව තහවුරු කරගෙන තිබේ. ඒවා අතුරින් ඉතා වැදගත් ස්ථාන සංඛ්‍යාවක් මේ වන විටත් කැණීම් කර, සංරක්ෂණය කොට ජාතියට දායාද කොට ඇති අතර එම හේතුව මත එම පරිශ්‍රය වෙත සංචාරකයන්ගේ ආකර්ශනය ද වැඩි වී ඇත.
පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ව පවතින අදාළ ස්මාරක සංරක්ෂණය කිරීම සඳහා 2022 වර්ෂය අවසන් වන තෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව රජගල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.