• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිතිස්ස 132kv Gas Insulated Switchgear (GIS) පුළුල් කිරීම යටතේ 145kv Double Busbar (GIS) Gas Insulated Switchgear දෙකක් සැපයීම, ස්ථාපිත කිරීම සහ අධීක්ෂණය සහ 145kv Double Busbar (GIS) පාලනය, ආරක්ෂණය, සමාලෝචනය සහ මිනුම් කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- කැලණිතිස්ස ග්‍රිඩ් උපපොලෙහි 132kv Busbar සමඟ යෝජිත ගෑස් ටර්බයින සම්බන්ධ කිරීම සඳහා කැලණිතිස්ස 132kv Gas Insulated Switchgear (GIS) පුළුල් කිරීම ආරම්භ කර ඇත. ඒ සඳහා 145kv Double Busbar (GIS) Gas Insulated Switchgear දෙකක් සැපයීම, ස්ථාපිත කිරීම සහ අධීක්ෂණය සහ 145kv Double Busbar (GIS) පාලනය, රක්ෂණය, සමාලෝචනය සහ මිනුම් කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව මුල් නිෂ්පාදක වන Asea Brown Bovari Lanka (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.