• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'පාලම් 25ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය' යටතේ සිවිල් වැඩ පැකේජ - 03 සඳහා උපදේශකවරයෙකු ප්‍රසම්පාදනය කිරීම
- 'පාලම් 25ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය' ක්‍රියාත්මක කිරීම සඳහා කුවේට් ඩිනාර් මිලියන 10ක් සැපයීම පිණිස අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිසුමකට එළඹ ඇත. බස්නාහිර, උතුරු හා වයඹ පළාත්වල ජාතික මහාමාර්ග ජාලයේ පවතින අබලන් හා පටු පාලම් 08ක් නැවත ඉදි කිරීම මෙකී ව්‍යාපෘතියේ 03වන පැකේජයට අයත් වේ. ඒ අනුව, උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, මෙම ව්‍යාපෘතියේ පැකේජය 03 සඳහා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව M/s Al-Abdulhadi Engineering Consultance (AEC) JV with Consulting Engineers & Architects Associated (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.