• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳව වන ජාතික ප්‍රතිපත්තිය
- පාරිසරික සමතුලිතතාව පවත්වාගෙන යමින් වෙරළබඩ කලාපය ආරක්ෂා කරගැනීම සඳහා කඩොලාන පරිසර පද්ධතීන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන නමුත් වර්තමානයේදී විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එම පද්ධතීන් තර්ජනයට ලක් වෙමින් පවතී. එම තත්ත්වය සැලකිල්ලට ගෙන, කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය හා තිරසර භාවිතය පිළිබඳව වූ විශේෂඥ කමිටුවේ මෙහෙයවීමෙන් අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් කඩොලාන පරිසර පද්ධතිවල තිරසර පැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් සකස් කරනු ලැබ ඇති ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.