• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය සහ අනාගතයේ ඇතිවිය හැකි විදුලිබල හිඟයට මුහුණදීමට ගත යුතු ක්‍රියාමාර්ග
- සැලසුම් කරන ලද විදුලි බලාගාර ව්‍යාපෘති ප්‍රමාද වීම හේතුවෙන් රටෙහි විදුලිබල ඉල්ලුම සපුරා ගැනීම සඳහා වර්තමානයේ ලංකා විදුලිබල මණ්ඩලයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇත. එබැවින්, ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතභාවය හා ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා සැලකිල්ලට ගනිමින් නොපමාව පහත සඳහන් පියවරයන් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
* නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300x2ක ධාරිතාවයකින් යුත් විදුලිබලාගාර ඒකකයක් ඉදිකිරීම.
* මෙගාවොට් 300ක ධා‍රිතාවයකින් යුතු ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයක් (LNG) ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දියාව/ජපානය සමඟ බද්ධ ව්‍යාපාරයක් වශයෙන් කෙරවළපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම.
* ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ කෙරවළපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 300ක ධා‍රිතාවයකින් යුතු ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරය (LNG) ඉදිකිරීමේ කටයුතු කඩිනම් කිරීම.
* ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිකරමින් පවතින ජල විදුලිබලාගාර සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම.
* සූර්යබල විදුලි උත්පාදනය සඳහා ඉන්දියානු රජය ලබා දීමට එකඟ වී ඇති ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ණය මුදල මඟින් අදාළ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම.