• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පවත්වාගෙන යනු ලබන ඉඩම සහ ගොඩනැඟිලි එම ආයතනය වෙත පවරා දීම
- කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පවත්වාගෙන යනු ලබන තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුඳුවත්ත ග්‍රාම නිලධාරි වසමේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මාවතේ (නොරිස් කැනල් පාර) පිහිටි හෙක්ටයාර 0.2074ක් වූ ඉඩම හා ඊට අයත් ගොඩනැඟිලි, රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි නිදහස් දීමනා පත්‍රයක් මඟින් නීත්‍යානුකූලව වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට පවරා දීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.