• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ උසස් අධ්‍යාපනය සඳහා විදේශ හා නේවාසික නොවන ශ්‍රී ලාංකික සිසුන් ආකර්ශනය කරගැනීම
- රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි මූලික උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වාර්ෂිකව බඳවාගැනීමට අපේක්ෂිත මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4.5%ක ප්‍රතිශතයක් විදේශ සිසුන් බඳවාගැනීමට නීතිමය ප්‍රතිපාදන පවතින නමුත් විදේශීය සිසුන් සුළු සංඛ්‍යාවක් පමණක් වාර්ෂිකව මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය සඳහා ලියාපදිංචි වන බව පෙනී ගොස් ඇත. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් විදේශීය සිසුන්ට වෙන් කර ඇති ප්‍රතිශත සීමාව තුළ ගාස්තු අයකර විදේශ සිසුන් බඳවාගැනීම සඳහා ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටත්, විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් විදේශීය මුදලින් පාඨමාලා ගාස්තු ගෙවීමේ පදනම මත බඳවාගැනීමටත්, ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලොව පිළිගත් විශ්වවිද්‍යාලවල ශාඛා මෙරට ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිසත් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.