• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර, වයඹ, රුහුණ, කොළඹ, සබරගමුව, පේරාදෙණිය, මොරටුව සහ ශ්‍රී ලංකා භික්ෂු යන විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කඩිනම් කිරීම
2021 අධ්‍යයන වර්ෂයට ඇතුළත් කරගත හැකි ශිෂ්‍ය ධාරිතාව 20%කින් වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ජයවර්ධනපුර, වයඹ, රුහුණ, කොළඹ, සබරගමුව, පේරාදෙණිය, මොරටුව සහ ශ්‍රී ලංකා භික්ෂු යන විශ්වවිද්‍යාලයන්හි හඳුනාගත් ඉදිකිරීම් ව්‍යාපෘති 13ක් ප්‍රමුඛතා පදනම මත 2020-2022 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.