• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික විද්‍යා තාක්ෂණ හා නව්‍යකරණ අධිකාරිය (NASTICA) ස්ථාපිත කිරීම
විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය (COSTI), ජාතික විද්‍යා තාක්ෂණ හා නව්‍යකරණ සම්බන්ධීකරණ අධිකාරිය (NASTICA) බවට පාර්ලිමේන්තු පනතක් මඟින් පත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට අදාළ පනත කෙටුම්පත් කිරීමේ කටයුතු අවසන් කරමින් සිටී. 'රට හදන සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නව්‍යකරණ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ දැක්ම සාක්ෂාත් කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නිමැයුම්කරුවන්ගේ කොමිසමේ කාර්යභාරය හා වගකීම් ද යෝජිත ජාතික විද්‍යා තාක්ෂණ හා නව්‍යකරණ අධිකාරියේ විෂය පථයට ඇතුළත් වන පරිදි අදාළ විධිවිධාන දැනට කෙටුම්පත් කෙරෙමින් පවතින පනතට හඳුන්වා දෙමින් එකී පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.