• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයින්ගේ වීසා අයදුම්පත් විද්‍යුත් ගමන් අවසර පද්ධතිය හරහා ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයින් පත් කිරීම
- විදෙස් සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පූර්ව පරීක්ෂා කිරීම සහ අනුමැතිය ලබා දීම පිණිස විද්‍යුත් ගමන් අවසර (Electronic Travel Authorization(ETA) ලබා දීමේ ක්‍රමවේදය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් 2012 වර්ෂයේ සිට අනුගමනය කරනු ලබයි.
ශ්‍රී ලංකාව චීන සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයක් සහිත රටක් වුව ද, ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරනු ලබන විද්‍යුත් ගමන් අවසර ලබා දීමේ ක්‍රමවේදය දැනට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන එරට සංචාරකයන්ට වීසා ලබාගැනීමේදී ඇතැම් විට ප්‍රමාදයන්ට මුහුණ පෑමට සිදු වන බව පෙනී ගොස් ඇත. එම තත්ත්වයට පිළියමක් වශයෙන් එරට වැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමේදී වීසා ලබාගැනීම සඳහා සහාය වීම පිණිස පෞද්ගලික නියෝජිතායතනයක සේවය ලබාගැනීම සුදුසු බවට පෙනී ගොස් ඇත. ඒ අනුව රටවල් ගණනාවක එම සේවය ලබා දී පළපුරුදු ආයතනයක් වන චීනයේ ෂැංහයි හි පිහිටි සීමාසහිත ට්‍රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් සර්විස් (ෂැංහයි) සමාගමේ සේවය ලබාගැනීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා; අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.