• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි ක්ෂේත්‍රයේ වේතන යෝජනාව ක්‍රියාත්මක කිරීම
- "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් වැවිලි ක්ෂේත්‍රයේ සේවා නියුක්තිකයින් සඳහා දිනකට රුපියල් 1,000ක අවම වේතනයක් ගෙවීම පිණිස පියවර ගනු ලබන බව දක්වා ඇත. ඒ අනුව, 2020 මාර්තු මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි වැවිලි ක්ෂේත්‍රයේ සේවා නියුක්තිකයින් සඳහා දිනකට රුපියල් 1,000ක අවම වේතනයක් ගෙවීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.