• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රට තුළ අඛණ්ඩ ඛනිජතෙල් සැපයීම තහවුරු කිරීම පිණිස ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග
- දැනට උද්ගතව ඇති ජාත්‍යන්තර දේශපාලන ගැටුම් හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා රට තුළ ප්‍රමාණවත් ඉන්ධන තොග පවත්වාගෙන යාම පිණිස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සමඟ එක්ව සිය අමාත්‍යාංශය විසින් මේ වන විට ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.