• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල
- "සෞභාග්‍යයේ දැක්ම" රජයේ ජාතික ප්‍රතිපත්තිය යටතේ සාර්ව හා යෝග්‍ය සංවර්ධනයක් ඇති කිරීම පිණිස රට තුළ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ අධි ප්‍රමුඛතාවක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇත. "සෞභාග්‍යයේ දැක්ම" රජයේ ජාතික ප්‍රතිපත්තිය මඟින් හඳුනා ගනු ලැබ ඇති සංවර්ධන ඉලක්ක එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 17ට ද අනුරූප වේ. ඒ අනුව රටේ දිළිඳු බව තුරන් කිරීම අරමුණු කරගෙන පහත සඳහන් යෝජනා ප්‍රමුඛතා පදනම මත ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* අඩු ආදායම්ලාභීන්ට අත්‍යාවශ්‍ය ආහාර ලබා දෙමින් ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
* දිළිඳු පවුල් 100,000ක් සඳහා රැකියා 100,000 සැපයීමේ වැඩසටහන.
* 'එක් නිවසක් - එක් ගම්මානයක්' වැඩසටහන යටතේ දිළිඳු පවුල් සඳහා නිවාස සැපයීමේ වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම.
* අවම වශයෙන් ගෘහයන් දස ලක්ෂයක් සඳහා ප්‍රමිතියෙන් යුත් මාර්ග පහසුකම් සැපයීම පිණිස කිලෝමීටර 100,000ක ග්‍රාමීය සංවර්ධන මාර්ග වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම.
* කුඩා ව්‍යාපාර සංවර්ධනය, ස්වයං රැකියා, ගෘහ අවශ්‍යතා සහ ගෘහස්ථ ජීවනෝපාය වැඩසටහන් සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ණය සඳහා පහසු ප්‍රවේශයක් ලබා දීම.