• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනෙකු මියයාම
- 2020 01 09 දින අසර්බයිජානයේ අගනගරය වන බාකු නුවර මහල් නිවාසයක ඇතිවූ ගින්නක් හේතුවෙන් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන්ගේ මෘත දේහයන්, හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් අසර්බයිජානයේ බටහිර කැස්පියන් විශ්වවිද්‍යාලය සහ ටෙහෙරාන්හි පිහිටි අසර්බයිජා‍නයේ තානාපති කාර්යාලය සමඟ අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කරමින් සිටිනු ලබන බවට විදේශ සබඳතා අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දෙන ලදී. එමෙන්ම මානුෂීය හේතූන් මත විශේෂ අවස්ථාවක් ලෙස සලකා මෙම මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමට වැය වන රුපියල් මිලියන 1.5ක් පමණ මුදල රජය විසින් දැරීම පිණිස විදේශ සබඳතා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී.