• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපිත කර තිබූ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය වසා දැමීම
- 'සෞභාග්‍යයේ දැක්ම' රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයක් සඳහාම සුදුසු පුද්ගලයන් බඳවාගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බැවින් 2015 වර්ෂයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇති ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන ඇත. ඒ අනුව එම කාර්යාලය වසා දැමීම පිණිස ගරු අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.