• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
HLA අණුක පරීක්ෂණ ප්‍රතික්‍රියාකාරක සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
- අවයව ප්‍රතිබද්ධයේදී ආරක්ෂාකාරී බව තහවුරු කිරීම සඳහා භාවිත කරන HLA අණුක පරීක්ෂණ ප්‍රතික්‍රියාකාරක සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Ms. Emar Phama (Pvt) Ltd., වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 230.69ක (වැට් රහිත) මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.