• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීතාවක අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීම
- 1999 වර්ෂයේදී ආරම්භ කරන ලද සීතාවක අපනයන සැකසුම් කලාපය 2001 වර්ෂයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පවරා දී ඇත. මෙය කර්මාන්ත ව්‍යවසායන් 28කින් සමන්විත වන අතර, එමඟින් රැකියා අවස්ථා 23,300ක් පමණ උත්පාදනය කර තිබේ. මෙම කලාපය තුළ දැනට පවත්නා පොදු අපජල පවිත්‍රාගාරයේ ධාරිතාව දිනකට ඝන මීටර 9,500ක් වුවද, එහි පිහිටි කර්මාන්තශාලාවලින් දිනකට දළ වශයෙන් අපජලය ඝන මීටර‍ 12,400ක් බැහැර කරනු ලබයි. එමඟින් මුදා හරිනු ලබන අපජලය පිරිසිදු කිරීම සඳහා දැනට පවතින පොදු අපජල පවිත්‍රාගාරය ප්‍රමාණවත් නොවන බැවින් උද්ගතවිය හැකි පාරිසරික හා සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීම උදෙසා මෙම පොදු අපජල පවිත්‍රාගාරයේ ධාරිතාව වැඩිකිරීම නොපමාව සිදු කළ යුතු බව හඳුනාගෙන ඇත. ඒ අනුව, සීතාවක අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරයේ ධාරිතාව දිනකට ඝන මීටර් 15,000 ක් දක්වා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම පිණිස කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.