• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති අනුරාධපුරය, තලාව ප්‍රදේශයේ පිහිටි භූමියක ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මඟින් පරිසර උද්‍යානයක් ඉදිකිරීම
- වසර පුරාම දේශීය හා විදේශීය සංචාරකයින් පැමිණෙන සංචාරක කලාපයක් වන අනුරාධපුර ප්‍රදේශය වනාන්තර හා වනජීවීන් වැනි ස්වාභාවික සම්පත්වලින් අනූන වන අතර විශාල වැව් හා කුඹුරු සහිත වඩාත් සිත් ගන්නා සුළු පරිසරයකින් ද සමන්විත වේ. මෙම සම්පත් තිරසර අයුරින් උපයෝගී කරගෙන පාරිසරික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමේ හැකියාව පවතින අතර එමඟින් විදේශීය සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ආකර්ශනය කරගැනීමේ හැකියාව ද පවතී. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර, තලාව නාච්චදූව සහ මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අක්කර 200ක භූමි භාගයක දේශීය සතුන්ගෙන් සැදුම්ලත් පරිසර උද්‍යානයක් ස්ථාපිත කිරීම පිණිස පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.