• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොරියාවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදලේ අරමුදල් සහිතව මහනුවර උමග ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- මහනුවර නාගරික ප්‍රදේශයේ රථවාහන තදබදයට විසඳුමක් වශයෙන් අතුරු මාර්ග උමගක් (By-Pass Tunnel) ඉදිකිරීම යෝග්‍ය බවට හඳුනාගෙන ඇත. කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල මඟින් සපයන අරමුදල් සහිතව මහනුවර උමං මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සැලසුම් කර ඇතත් එම කටයුතු ප්‍රමාද වී ඇත. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ඇස්තමේන්තුගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 252.30ක් වන අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 199.27ක මුල්‍ය පහසුකම් සැපයීමට කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල එකඟ වි තිබේ. ඒ අනුව, එකී උමං මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය හා සම්බන්ධ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.