• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත සංශෝධනය කිරීම
- මහපොළ උසස් අධ්‍යාපන භාර අරමුදලේ පරිපාලනය, කළමනාකරණය හා අරමුදල් පාලනය කරනු ලබන එහි භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු අග්‍රවිනිශ්චකාරතුමා ද කටයුතු කරනු ලබයි. එලෙස ගරු අග්‍රවිනිශ්චකාරතුමා සාමාජිකයෙකුව සිටීම එම භාර අරමුදලට අදාළ යම් නඩු කටයුත්තකදී ස්වාධීන තීරණයක් ගැනීමට බාධාවක් වන බැවින් ගරු අග්‍රවිනිශ්චකාරතුමා එම භාරකාර මණ්ඩලයෙන් ඉවත් කිරීම සුදුසු බවට එතුමා මෙන්ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ද යෝජනා කර ඇත. ඒ අනුව, යෝග්‍ය පරිදි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ සාමාජිකයින් පත් කිරීමට හැකි වන පරිදි 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත සංශෝධනය කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.