• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය ‍පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය වසා දැමීම
- 2017 වර්ෂයේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි පිහිටුවන ලද රාජ්‍ය ‍පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය, භාණ්ඩාගාර ලේකම් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් සහිත ව සහ 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයකින් යුක්තව මුදල් අමාත්‍යාංශයේ ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ.
රජය විසින් සිය ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා කාර්යයන් ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බැවින් මෙම ඒකකය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, එම ආයතනය වසා දැමීමට අදාළ කටයුතු සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම් වෙත බලය පැවරීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.