• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පත
- අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කරන ලද 'ආර්ථික පුනර්ජීවන ආරම්භය වැඩසටහන' යටතේ වන බදු ප්‍රතිපත්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ බදු පනත් සංශෝධනය කළ යුතුව ඇත. ඒ අනුව, පොළී ආදායම රඳවාගැනීමේ බද්දෙන් නිදහස් කිරීම, උපයන විට ගෙවීමේ බදු අනුපාත සංශෝධනය කිරීම, සේවාන්ත ප්‍රතිලාභ මත අදාළ වන ආදායම් බදු අනුපාත සංශෝධනය කිරීම, ආදායම් බදු නිදහස් කිරීම් හා අනුපාත වෙනස්වීම් ආදිය සම්බන්ධයෙන් වන යෝජිත සංශෝධන ඇතුළත් කරමින් දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් පිළියෙළ කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.