• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නව බදු යෝජනා ක්‍රියාත්මක කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කරන ලද 'ආර්ථික පුනර්ජීවන ආරම්භය වැඩසටහන' යටතේ වන බදු ප්‍රතිපත්ති යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ බදු පනත් සංශෝධනය කළ යුතුව ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත, වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එම කෙටුම්පත් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.