• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ මිල දී ගැනීම
- ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 15.03ක් උපයෝගී කරගනිමින් ආසන 50 54 නව බස් රථ 400ක් සහ ආසන 32 35 නව බස් රථ 100ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදී ඇත. ඒ අතරතුර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ජනතාවට කාර්යක්ෂම සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් සැපයීම සඳහා සිය අවශ්‍යතාවන් නැවත තක්සේරු කර, දුරගමන්, නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල අතුරු පාරවල්වල යෙදවිය යුතු බස් රථ වර්ග සහ අවශ්‍ය ප්‍රමාණ හඳුනා ගනු ලැබ ඇත. ඒ අනුව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මීට පෙර මිලදී ගැනීමට අපේක්ෂා කළ බස් රථ වෙනුවට ආසන 30 35 නව බස් රථ 500ක් සහ පසුපස උස් ඇන්ද සහිත ආසන 42 45 නව බස් රථ 100ක් මිල දී ගැනීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.