• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ වයඹ පළාතේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තු දෙකක් ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග කි.මී. 99ක් පුනරුත්ථාපනය කිරීම/වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන පැකේජ 03 හා එම දිස්ත්‍රික්කයේම කි.මී. 104ක් පුනරුත්ථාපනය කිරීම/වැඩිදියුණු කිරීම සහ නඩත්තු කිරීම සඳහා වන පැකේජ 5 යන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිළිවෙළින් රුපියල් මිලියන 2,165.26ක මුදලකට M/s. RR Construction Pvt. Ltd. වෙත සහ රුපියල් මිලියන 2,296.13ක මුදලකට M/s Finite Lanka (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.