• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෝ-ඇමොක්සික්ලේව් පෙති බීපී මිලි ග්රෑම් 625 හෝ ඇමොක්සිලීන් සහ ක්ලේව්ලනේට් පොටෑසියම් පෙති යූඑස්පී මිලි ග්රෑම් 625න් 32,000,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
- බහුලව භාවිත වන ප්‍රතිජීවක ඖෂධයක් වන කෝ-ඇමොක්සික්ලේව් පෙති බීපී මිලි ග්රෑම් 625 හෝ ඇමොක්සිලීන් සහ ක්ලේව්ලනේට් පොටෑසියම් පෙති යූඑස්පී මිලි ග්රෑම් 625න් 32,000,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවෙහි M/s. Indchemie Heath Specialties (Pvt) Ltd., වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල සහිත ඇමරිකානු ඩොලර් මිලියන 1.56ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.