• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෝඩියම් ක්ලෝරයිඩ් අන්තඃශෛරික ද්‍රාවණ බීපී 0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී, 0.9% w/v මිලි ලීටර් 500 බෝතල් 11,000,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
- රෝගීන්ගේ රුධිර පරිමාව අඩු වන අවස්ථාවලදී අඩු වන රුධිර ප්‍රමාණය යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා භාවිත කරනු ලබන සෝඩියම් ක්ලෝරයිඩ් අන්තඃශෛරික ද්‍රාවණ බීපී 0.9% w/v හෝ සෝඩියම් ක්ලෝරයිඩ් එන්නත් යූඑස්පී, 0.9% w/v මිලි ලීටර් 500 බෝතල් 11,000,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය‍, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, චීනයෙහි M/s. Sitchuan Kelun Pharmaceutical Co. Ltd., වෙත මුළු පිරිවැය හා ගැල් කුලී මිල සහිත ඇමරිකානු ඩොලර් මිලියන 2.92ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.