• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුධිර පරිත්‍යාගශීලීන් තුළ එච්.අයි.වී. 1, හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී ආසාදනය හඳුනා ගැනීමේ Procleix Tigris NAT පද්ධතිය සඳහා වන න්‍යෂ්ටික අම්ල පරීක්ෂක ප්‍රතිකාරක 200,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය
- රුධිර පරිත්‍යාගශීලින් තුළ එච්.අයි.වී. 1, හෙපටයිටීස් බී, හෙපටයිටීස් සී ආසාදන හඳුනාගැනීම සඳහා භාවිත කරනු ලබන න්‍යෂ්ටික අම්ල පරීක්ෂක ප්‍රතිකාරක 200,000ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, M/s. Apcot Marketing (Pvt) Ltd., වෙත මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 3.09ක (වැට් රහිත) මුදලකට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.