• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ, මි.ලී. 0.4 සිරින්ජර් 500,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
- හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරනු ලබන එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ, මි.ලී. 0.4 සිරින්ජර් 500,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් සලකා බලා අමාත්‍ය මණ්ඩලය වෙත එකී ප්‍රසම්පාදනයට අදාළව ගත යුතු පියවර පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කර ඇත. ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ එම නිර්දේශ සැලකිල්ලට ගෙන, අදාළ ප්‍රසම්පාදනය M/s. ABC Pharma Services (Pvt) Ltd., වෙත මුළු පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 396.74ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.