• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා ඉදිකර ඇති විදුලි වැටවල් නඩත්තු කිරීම හා පසු විපරම් කාර්යය සඳහා වන යෝජිත වැඩපිළිවෙල
- ශ්‍රී ලංකාවේ පවතින අලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ෂිකව පුද්ගල මරණ 80ක් පමණ සහ වන අලි මරණ 250ක් පමණ වාර්තා වේ. ඊට අමතරව දේපළ හා වගා හානි හේතුවෙන් සැලකිය යුතු ආර්ථික පාඩුවක් රටට සිදුවන බව ද හඳුනාගෙන ඇත. එබැවින් අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ පාලනය කිරීම පිණිස අවශ්‍ය කටයුතු කිරීම සඳහා රාජ්‍ය නිලධාරින්ගේ නියෝජනය සහිත ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් නියාමන කමිටු පිහිටුවීම සහ ඒ සඳහා වන උපදෙස් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මඟින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දීම පිණිස පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.