• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මෝටර් වාහන (මාර්ග සලකුණු, සංඥා, සංකේත හා මාර්ග ලකුණු කිරීම්) නියෝග ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- මෝටර් වාහන පනතේ විධිවිධාන ප්‍රකාරව මහා මාර්ගවල සලකුණු, සංකේත හා මාර්ග ලකුණු කිරීම් නියෝග ප්‍රකාශයට පත් කිරීම පිණිස අංක 1940/21 දරන 2015 11 12 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. එහෙත්, 'දුර ගමන් සේවා බස්රථ සඳහා සීමිත නැවතුම් පිහිටි ස්ථානයක්' පෙන්නුම් කිරීම සඳහා සලකුණක් එමඟින් හඳුන්වා දී නොතිබුණි. එවැනි සලකුණක් නොතිබීම හේතුවෙන් බස්රථ රියදුරන්ට මෙන්ම මගී ජනතාවට සිදුවන අපහසුතාවය සැලකිල්ලට ගෙන දුර ගමන් සේවා බස් රථ සඳහා වන සීමිත නැවතුමක් පිහිටි ස්ථානයක් ප්‍රකාශයට පත් කිරීම පිණිස නව සලකුණක් ඇතුළත් කරමින් අංක 2128/9 දරන 2019 06 18 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව එම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.