• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය' පිහිටුවීම
- අඩු ආදායම්ලාභී පවුල්වල අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත තරුණ තරුණියන් 100,000කට රැකියා අවස්ථා සැලසීමට හැකි වන පරිදි බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක්, රජයේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ස්ථාපිත කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව 2019-12-10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලදී. ඒ අනුව, එම දෙපාර්තමේන්තුව යටතේ 'සංවර්ධන කාර්ය සහායක සේවය' යනුවෙන් සේවාවක් ඇති කිරීමටත්, එම සේවාව සඳහා රජයේ පාසලක අටවන (08) ශ්‍රේණිය සමත් වූවන් 100,000ක් බඳවාගැනීම සඳහාත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.