• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වී ගොවීන් සඳහා නොමිලේ පොහොර ලබා දීම
- 'සෞභාග්‍යයේ දැක්ම' නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් දේශීය වී ගොවියා ශක්තිමත්ව නගා සිටුවීම සඳහා විවිධ ප්‍රවේශයන් ඉදිරිපත් කර ඇත. ඒ යටතේ දැනට ක්‍රියාත්මක වන පොහොර සහනාධාර ක්‍රමය වෙනුවට වී වගා කරන ගොවීන් සඳහා වගාවට අවශ්‍ය රසායනික හා කාබනික පොහොර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව 2020 යල කන්නය ආරම්භයේ සිට වී වගා කරන ගොවීන් සඳහා උපරිමය හෙක්ටයාර 02ක් දක්වා යූරියා, ත්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී.) සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් (එම්.ඕ.පී) යන පොහොර වර්ග නිර්දේශිත ප්‍රමාණයක් ලබා දීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.