• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන 2020-2022'
- ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන' 2016-2018 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කළ නමුත් ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම මෙන්ම අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බලාපො‍රොත්තු වූ අරමුණු ළඟා කර ගැනීමට නොහැකි වී ඇත. ඒ අනුව, භෝග නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම, පසු අස්වනු හානිය අවම කිරීම, අගය එකතු කළ නව නිෂ්පාදන හඳුන්වා දීම, පර්යේෂණ හා සංවර්ධනය, වන සතුන්ගෙන් වන හානිය අවම කිරීම, ගොවිපොළ සංවර්ධනය තුළින් බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, සාම්ප්‍රදායික දැනුම සහ ක්‍රියාකාරකම් භාවිතය මඟින් පරිසර හිතකාමී කෘෂිකර්මය ප්‍රචලිත කිරීම, කෘෂි සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සහ ‘සෞභාග්‍යා’ කෘෂි නිෂ්පාදන පොකුරු ගම්මාන ස්ථාපිත කිරීම යන ව්‍යාපෘති පළාත් හා ප්‍රා‍දේශීය මට්ටමින් 2020-2022 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස, මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.