• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාල්ල බෙලිගහ හන්දිය ප්‍රදේශයේ ඉදි කරමින් පැවති අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම
- අර්ධ ලෙස ඉදි කොට දැනට ඉදිකිරීම් කටයුතු නවතා ඇති ගාල්ල, බෙලිගහ හන්දිය ප්‍රදේශයේ නව අධිකරණ සංකීර්ණයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශකත්වය යටතේ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙතින් ඉටු කරවාගෙන ගාල්ල අධිකරණ සංකීර්ණය එහි ස්ථාපිත කිරීම සඳහා අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.