• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා ඉන්දුනීසියානු ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ඉන්දුනීසියානු ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර, අධ්‍යයන සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, පුස්තකාලවලට අන්‍යොන්‍ය ප්‍රවේශය, අධ්‍යයන කාර්යමණ්ඩලය, ගුරුවරුන්, පර්යේෂකයන් සහ ආරාධිත කථිකයන්ගේ සේවය ආයතන අතර හුවමාරු කරගැනීම, අන්‍යොන්‍ය අධ්‍යයන චාරිකා, උපායමාර්ගික පර්යේෂණ, ප්‍රදාන හෝ ශිෂ්‍යත්ව සැපයීම, අධ්‍යයන ගුරුවරුන්ගේ සහ පර්යේෂකයන්ගේ පුහුණුව සඳහා පහසුකම් සැපයීම, ප්‍රකාශයට පත් කළ ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ ලේඛන හුවමාරු කරගැනීම සහ සම්මන්ත්‍රණ, වැඩමුළු සහ දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන ප්‍රදර්ශන සංවිධාන කිරීම සහ ඒවාට අන්‍යොන්‍ය සහභාගිත්වය දිරිමත් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට හැකිවනු පිණිස අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය; අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.