• Increase font size
  • Default font size
  • Decrease font size

2020-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යෝජිත ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීම
- 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික ප්‍රතිපාදන) පනත අහෝසි කිරීමට සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ නව නීති පැනවීමට අපේක්ෂාවෙන් ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් සලකා බලමින් පවතී. එම පනත් කෙටුම්පතෙහි අඩංගු ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් පළ කර ඇති අදහස් සැලකිල්ලට ගෙන එම පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීම පිණිස විදේශ සබඳතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.